Monday, April 21, 2014

හොඳයි! දැන් ඔය උදවිය දන්නවා නේ, මේ සත්වයන්ගේ… උඹල අපි හැමෝගෙම… ‘මනස’ කියන ආයතන ඇතුලේ සිද්ධවෙන්නේ, ‘විඥාණ පච්චයා නාමරූපං ⇔ නාමරූප පච්චයා විඥාණං’ කියල කතන්දරයක්ය!!! ඒ කියන්නේ, ‘විඥාණය උපකාරයෙන් නාමරූපවල පැවැත්මත්.. නැවත, නාමරූපවල උපකාරයෙන් විඥාණයේ පැවැත්මත්..’ කියන, මොන මොනවද එව්වා වගයක් එව්වයිම උපකාරයෙන් නැසී වැනසී නොයා / විනාශ නොවී දිගින් දිගටම පවතින සිදුවීමක්ය!!! හැබැයි ඒ සිදුවීම ඇවිල්ලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, උන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලයේ හිටපු මනුස්සයන්ට මේ ‘ඇත්ත කතන්දරය’ / ‘හරි සිදුවීම’ ඒ ආකාරයෙන්ම තෝරලා දෙන්න වෙන විදියක් නොතිබිච්ච නිසා, මහා වෙහෙසකුත් දරලා… ‘අබල් බබල්’ වචන තොගයකුත් අලුතෙන්ම අඳුන්වලා දීලා… **- ඇයි දන්නෙ නැද්ද?? ‘දැනගන්නවා’ කියන අර්ථයෙන් ‘විඥාණය’ යයි කියනවා කිව්වා… ‘නැසී වැනසී යන දේවල්’ කියන අර්ථයෙන් ‘රූප’ කියල කියනවා කිව්වා… ‘නාම’ කියන්නේ ‘රූප වල අධිවචන සම්පස්සයට’යි කිව්වා…  අම්බානට මොළේ තිබුණත් තේරුම්ගන්න අමාරුයි!!! !!! !!!  -** හරි අමාරුවෙන් පැහැදිළි කරලා දීල තියන කතන්දරයක් උනාට, ඒක මේ අද කාලෙ එවුන්ට නම්, හුඟ දෙනෙක් දන්න... බොහොම ප්‍රසිද්ධ… ‘විද්‍යුතය උපකාරයෙන් විද්‍යුත්චුම්බකත්වය පැවතීමත්.. නැවත, විද්‍යුත්චුම්බකත්වය උපකාරයෙන් විද්‍යුතය පැවතීමත්..’ කියන, සරල… ස්වභාවික… විද්‍යාත්මක සංසිද්ධිය මිසක්, මහා අරුම පුදුම… බරපතළ… අපබ්‍රංස… කතන්දරයක් නෙවෙයි’!!! ය!!! !!! !!!  එතකොට මේ ‘ඵස්ස’ නැත්නම්, ‘ඉස්පර්ශයන්’ හැටියට ඇස / කණ / නාසය / දිව / කය කියන ආයතන වලින් සත්වයන්ගෙ මනසට ලැබෙන්නෙත්, නොයෙකුත් නොයෙකුත් රටාවල විද්‍යුත් ධාරාවන් (විද්‍යුත් තරංග) තොගයක්ය!!! !!! !!! කියන බව?? නේද??? 

ඉතින්, අන්න ඒ විදියට මේ සත්වයන්ගෙ ‘මනස’ කියන ආයතන වල සිද්ධවෙන්නෙත් විද්‍යුතය හා විද්‍යුත්චුම්බකත්වය දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින කතන්දරයක් නිසා, ස්වභාවධර්මයට අනුව පරිසරයේ ඕනෑම තැනක විද්‍යුතය - විද්‍යුත්චුම්බකත්වය දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතිනකොට බලපාන ධර්මතාවය, මේ සත්වයන්ගේ ‘මනස’ කියන ආයතන ඇතුලේ සිද්ධවෙන කතන්දරයටත් ඒ විදියටම බලපානවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  මතකනේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නළ කලාපී සුත්‍ර දේශණාවෙදි ඔය විඥාණයයි නාමරූපයි දෙක ‘බට මිටි දෙකකට’ උපමා කරලා, “බට මිටි දෙකක් එකට එක හේත්තු කරලා තිබ්බොත් එකිනෙකේ උපකාරයෙන් ඒ දෙකම කෙලින් සිටිනවා!! හැබැයි එකක් හරි වැටුණොත් දෙකම බිම ඇදන් වැටෙනවා!!” කියල බොහොම සරලව පැහැදිළි කරලා තියන ඒ කාරණාව මං මීට කලින් එහෙම්පිටින්ම තෝරලා දුන්නා???  ම්ම්.. මට ඒ post(s) හොය හොයා link කරනවට වඩා ලේසියි ආයිම ලියන එක!!!  එහෙනම් මතක්කරගමුකෝ.. මෙහෙමයි, මේ විද්‍යුතයයි විද්‍යුත්චුම්බකත්වයයි කියන දෙකට අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින්න පුළුවන් විදියට විශේෂයෙන් හැදිච්ච / සකස්වෙච්ච තැනකදී… සංවෘත පරිපථයක් / closed circuit එකක් / ring circuit එකක් වගේ එකකදී… විද්‍යුතයයි විද්‍යුත්චුම්බකත්වයයි දෙක එකම ගාණට පැවතුනොත්, ඒ දෙකම.. ඒ විදියටම.. සදහටම පවතිනවා!!! හැබැයි එකක් හරි අඩුවුනොත් අනිකත් අඩුවෙනවා!!! එහෙම දිගටම අඩුවේගන අඩුවේගන යන්න ඇරියොත්, දෙකම අඩුවෙලා අඩුවෙලා ගිහින් අන්තිමේ නැත්තටම නැතිවෙලා යනවා!!! !!! !!! ඒ වගේම, එකක් හරි වැඩි උනොත් අනිකත් වැඩිවෙනවා!!! එහෙම අසීමාන්තිකව වැඩිවෙන්න ඉඩ දුන්නොත් / ඉඩ ලැබුණොත්, අන්තිමේ ඔරොත්තු නොදෙන ගාණටම වැඩිවෙලා වැඩිවෙලා, ඒ විද්‍යුතය හා විද්‍යුත්චුම්බකත්වය දෙක ක්‍රියාත්මක වෙවී තිබිච්ච circuit එක.. ‘පද්ධතිය’ නැත්නම් system එකත් එක්කම විනාශ වෙනකම්ම මේ දෙක වැඩිවේගන වැඩිවේගන යනවා!!! !!! !!! හරි නේ?? පැහැදිලියි නේ?? 

හැබැයි, මේ සංසාරගත සත්ව ජීවිතවල කතාවෙදි ඔය විද්‍යුතය විද්‍යූත්චුම්බකත්වය දෙකට අන්‍යෝන්‍ය උපකාරයෙන් පැවතීමට නම් අත්‍යවශ්‍ය වෙන circuit එක (සංවෘත පරිපථය / closed or ring circuit) හැදිල තියෙන්නෙ ‘සජීවී සෛලවල’ උපකාරයෙන් නිසා, සත්වයන්ගෙ මනස ඇතුලෙදි විද්‍යුතයයි - විද්‍යූත්චුම්බකත්වයයි දෙකේ කතන්දරය සිද්ධවෙන විදියෙයි, වෙනත් තැන්වලදි ඒ විද්‍යුතයයි - විද්‍යූත්චුම්බකත්වයයි දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතිනකොට කතන්දරය සිද්ධවෙන විදියෙයි, ලොකු වෙනස්කම් දෙකක් තියනවා!!! !!! !!!   අවස්ථා දෙකේදීම, විද්‍යුතය හරි විද්‍යුත්චුම්බකත්වය හරි දෙකෙන් එකක් වැඩිවුණොත් අනිකත් වැඩිවෙන එකයි... දිගටම වැඩිවේගන වැඩිවේගන ගියොත් / වැඩිවේගන වැඩිවේගන යන්න ඉඩ දුන්නොත්, සේරම කුඩුපට්ටම් වෙලා.. විනාශවෙලා.. යන ගාණටම වැඩිවෙන එකයි... එකක් අඩුවුණොත් අනිකත් අඩුවෙන එකයි... එකම විදියට සිද්ධවුනාට, එකම ගාණට තියෙන්න දුන්නයි කියල, ඒ දෙක ඒ විදියටම සදාකාලිකව තියෙන එක වත්... දිගටම අඩුවෙලා අඩුවෙලා යන්න හැරියයි / අඩුවෙලා අඩුවෙලා යන්න ඉඩ දුන්නයි කියල, ඒ දෙක නැත්තටම නැතිවෙලා යන එක වත්... මේ සංසාරගත සත්වයන්ගෙ කතන්දරේදි සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මොකද, ‘පොතේ හැටියට’ (theoretically) විද්‍යුතය - විද්‍යූත්චුම්බකත්වය දෙක එකම ගාණට තිබුණොත් සදහටම තියෙන්න ඕනේ උනාට, සත්වයන්ගෙ ආයුෂ ඉවරවෙච්චහම උන්ගෙ සජීවී සෛල අජීවී වෙලා (සෛල මැරිලා) පරිපථය කැඩෙන නිසා… circuit එක break වෙන නිසා... විද්‍යුතය ගමන් කරන්න විදියක් නැතිවෙලා, විද්‍යුත් ශක්තිය - විද්‍යුත්චුම්බක ශක්තිය දෙකම අනිවාර්යයෙන්ම නැතුව යනවා!!! !!! !!!  ආන්න ඒ නිසා, මේ ඉපදිච්ච සංසාරගත සත්වයෝ මොකෙකුටවත්, සදාකල් ඉන්න… සදාකල් පවතින්න… හැකියාවක් ලැබෙන්නේ නෑ!!! !!! !!! පුළුවන් කමක් නෑ!!! !!! !!!  ආයුෂ ඉවරවෙච්ච සැණින් උන්ට ‘කූරිය ගහන්න’ සිද්ධවෙනවාම තමයි!!! !!! !!!  

ඒ වගේම, ‘සජීවී සෛල’ කියන්නෙ, ඒවා සජීවීව තියනකම් ඒ හැම එකකටම ආවේණික විද්‍යුත් ශක්තියක්… native / default potential එකක්… ඒ සෛල වලම තියනවා!!! !!! !!! **- නිකම්ම නිකම් හතරමහා ධාතු (රූප) වලින් හැදිච්ච සෛල, ‘සජීවී සෛල’ (නාමරූප) බවට පත්වෙන්නෙ ඒ විද්‍යුත් ශක්තිය නිසා තමයි!!! ඒ විද්‍යුත් ශක්තිය නැතිවෙච්ච ගමන් නාමරූප ආයෙ ‘නිකං රූප’ බවට පත්වෙනවා!!! එතකොට සුදුකොඩි දාන්න…  හතරමහා ධාතු බදාගෙන මර විලාප තියා තියා අඬන්න…   සිද්ධවෙනවා!!!  -** ඉතිං, අන්න ඒ ආවේණික / default විද්‍යූත් ශක්තිය නිසා, ‘සෛල වළල්ලක’ විද්‍යුත් ශක්තිය කොච්චර අඩුවෙලා අඩුවෙලා ගියත්… අඩුවෙලා යන්න ඇරියත්… වළල්ල ඇතුලේ ‘විද්‍යුතය’ ‘විද්‍යුත්චුම්බකත්වය’ දෙක අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වයෙන් ගොඩනැගිච්ච / build-up වෙච්ච ප්‍රමාණය අඩුවෙලා අඩුවෙලා ගිහින්, සෛල වල ස්වභාවයෙන්ම තියන මට්ටමට / default level එකට අඩුවෙලා නතරවෙනවා මිසක්, සත්වයාට පණ තියනකම් ඒ ශක්තිය බිංදුවටම බහින්නේ… නැත්තටම නැතුව යන්නේ… නෑ!!! !!! !!!  තේරුණයි?? 

මේක නේ වැඩේ. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ‘නලකලාපී සුත්‍ර දේශණාවෙදි’ අපිට තෝරලා දුන්නේ, විඥාණයයි නාමරූපයි දෙක බට මිටි දෙකක් නම්, ‘ඒ බටමිටි දෙක එකකට එකක් හේත්තුකරලා තියනකම් දෙකම නොවැටී තියනවා!! හැබැයි, ඒ එකක් හරි වැටුණොත් දෙකම වැටෙනවා!!’ කියල නේ!!!   එතනදි‘රූප’ කිව්වේ හතරමහා ධාතු වලින් හැදුණු ඇඟට!!! ‘සෛල වළල්ල’ නැත්නම් ‘circuit එක’ කියමු. ඊළඟට ‘නාම’ කිව්වේ සත්වයාගේ මානසික ක්‍රියාවලියට!!! ඒක එහෙම්පිටින්ම විද්‍යුත් ක්‍රියාකාරීත්වයක් / ක්‍රියාවලියක්!!! ඒ තමයි සත්වයාගේ ඇඟේ (සෛල වළල්ලේ) ගමන්කරන විද්‍යුත් ශක්තිය!!! Electricity or electrical energy!!! අන්තිමට ‘විඥාණය’ කිව්වේ ඒ විද්‍යුත් ශක්තියෙන් ගොඩනැගෙන විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයට!!! Electromagnetic field!!! ඉතින් මොකද වෙන්නේ?? “බටමිටි දෙක එකට එක හේත්තු කරලා තිබ්බොත් දිගටම තියනවා!!” සෛල වළල්ලේ ‘දසමයක’ හරි විද්‍යුත් ධාරාවක් ගමන්කරන්න ගත්තොත්, ඒකෙන් ‘දසමයක’ හරි විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයකුත් ගොඩනැගිලා, ඊටපස්සේ ඒකෙ උපකාරයෙන් මේක.. මේකෙ උපකාරයෙන් ඒක.. වෙවී, ඒ දෙක දිගින් දිගටම පවතිනවා!!! !!! !!! “හැබැයි එකක් හරි වැටුණොත් අනිකත් වැටෙනවා!!” බැරිවෙලාවත් ඒ දෙකෙන් එකක් හරි ‘0’ උනොත්… නැතුව ගියොත්… අනික් එකට හැදෙන්න විදියකුත් නැතුව යනවා!!! ඒකත් ‘0’ වෙනවා!!! එහෙම දෙකම නැතුව ගියාම… දෙකම ‘0’ උනාම… ආයි ගොඩනැගෙන්න විදියකුත් නෑ!!! එතනින් කතන්දරේ ඉවරවෙනවා!!! !!! !!! පැවැත්ම අවසන් වෙනවා!!! !!! !!! හරිය?? 

දැන් එතකොට කස්ටියට තේරෙණවා නේ, මේ සත්වයෝ කියන එවුන් ඉපදෙනකොටම පටන් අරගෙන තියන ‘වින් - නාම’ කතන්දරේ නවතින්න / නතර වෙන්න නම්, ඒ හැදිල තියන විද්‍යුත් ශක්තිය හරි... විද්‍යුත්චුම්බක ශක්තිය හරි... දෙකෙන් එකක් ‘0’ වෙන්නම ඕනෙයි කියන බව??? ඒත් සත්වයන්ගෙ කතන්දරේදි විද්‍යුත් ශක්තියට කොච්චර අඩුවෙලා යන්න ඇරියත්, සජීවී සෛලවල ‘සජීවී බව’… නැත්නම්, ඒ සෛල වල ස්වභාවයෙන්ම තියන විද්‍යුත් ශක්තිය… නිසා, හිතමු දසම 5ක් (0.5V) කියල. අන්න ඒ 0.5 විද්‍යුත් ශක්ති ප්‍රමාණයට හරියන්න 0.5ක විද්‍යුත්චුම්බක ශක්තියකුත් හැදීලා, ඊට පස්සෙ විද්‍යුත් ශක්තියයි - විද්‍යුත්චුම්බක ශක්තියයි දෙක 0.5 ගානේ හරි ‘ඒකෙ උපකාරයෙන් මේක.. මේකෙ උපකාරයෙන් ඒක..’ වෙවී දිගටම පවතිනවා මිසක් ඊට වඩා අඩුවෙන්නෙ නැති නිසා, සත්වයා මැරෙනකම් ඒ එකකටවත් ‘0’ වෙන්න… නැතුව යන්න… වෙන්නේ නෑ!!! !!! !!! ඒ කියන්නේ, සජීවී සෛලවල ‘සජීවී භාවය’ නැත්නම්, එව්වයි ස්වභාවයෙන්ම තියන විද්‍යුත් ශක්තිය නිසා, ඉපදිච්ච සත්වයෙක් මරණයට පත්වෙනකම්ම ඒකගෙ මනසේ විද්‍යුතය - විද්‍යුත්චුම්බකත්වය දෙකේ ක්‍රියාකාරිත්වයට නැත්තටම නැතුව යන්න වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  හරිය?? 

1 comment:

Note: Only a member of this blog may post a comment.