Monday, April 30, 2012

ඔන්න ඔතනදි වෙන 'සීන්කෝන් එක' මොකද්ද කියන එක තමයි සියලු ලෝක සත්වයන් අනාගෙන තිබුණු / තියන කතාන්දරය!!! !!! !!! හැබැයි දැන් ඒක එලි කරලා සෑහෙන කල්!!! !!! !!! මං, 'සංසාරේ කුඩුකරනවා!!' 'සංසාරේ හුළං අරිනවා!!' කියල අඬබෙර ගහල කාරිය... බුද්ධ දේශණාවල් දෙකකින්ම කරුණු අරගෙන ගලපලා... හොඳ ලස්සනට පෙන්නුවා, මොකද්ද මේ 'පුනරුප්පත්තිය' කියල සිද්ධවෙන සිදුවීම කියන එක, බොහෝම පැහැදිලිව!!! !!! !!! ** උඹලා බකයෝ නිසා බැලුවේ / කියෙව්වේ නැත්නම්... උඹලා සංසාරය අනාගත්ත _කයෝ නිසා පෙනුනේ නැත්නම්... ඒක නම් මගේ upset එකක් නෙවෙයි!!! !!! !!! දැනටමත් සංසාරේ ගූ කරගෙන නැති එවුන් දැන් හරි බලාගනිල්ල, (12/09/2011 post එක). ආයේ මේ සත්‍ය සිදුවීම පැහැදිලි කරන්න බුදුහාමුදුරුවෝ ගත්තු උදාහරණේ ගැනත් මං කිව්වා, (03/18/2012 post එක). ආයේ බලලා මතක් කරගනිල්ලා!!! !!! !!! මේ... සංසාරේ ගූ කරගත්ත එවුන්ට නම් දැන් වැඩක් වෙන එකක් නෑ!!! උන්ට බැලුවට 'වැදගත් කරුණු' පේන්නේ නෑ!! පෙනුනත් ඔලුගෙඩි වලට යන්නේ නෑ!! ගියත් මෙලෝ මලදානයක් මතක හිටින්නේ නෑ!!! ඒක උන්ගේ ඔලුගෙඩි අස්සෙම සිද්ධවෙන පොඩි magic එකක්!!! ආනන්තරීය පාපකර්ම / බලවත් පාපකර්ම වල result එක!!! !!! !!! පස්සේ කියල දෙන්නම්. කොහොම හරි, මං time passed කිව්ව / same quality පොරවල්ට දැන් වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! **

හරි! එතකොට මේ 'මතකයක්' විතරනේ සත්වයෙක්ගෙන් තවත් සත්වයෙකුට... ඒ සත්වයාගෙන් තවත් සත්වයෙකුට... හැටියට, දිගින් දිගට පැවතගන එන්නේ / යන්නේ!!! දැන් ඔය විදියට 'දෙවනියට හැදෙන කෙනා' පලවෙනි එක්කෙනාගේ තිබිච්ච මතකයට රැවටිලා, ඒ පාර එයත් "මං මේ අහවල් බුදුරජාණන්වහන්සේගෙන් නියත විවරණ ලබාගෙන බුදුවෙන්න යන කෙනා නෙව... මං අකුසලයෙන් වැළකිලා කුසලයෙහිම යෙදෙමින් පාරමිතා සම්පූර්ණ කරන්න ඕනේ!!" කියල, පෙරුම්පුරන්න තියාගන්නවා!!! වටේපිටේ ඉන්න එයාව දකින / එයාගැන දැනගන්න අනික් අයත් රැවටෙනවා "මේ අර බෝධිසත්වයානන්වහන්සේ නේ!!" කියල!!! හරිද?? ඔන්න ඉතින් බෝසතානන්වහන්සේගේ 'දෙවැනි ආත්ම භාවය' ගතවෙනවා!!! ඉතින්... මේ 'දෙවැනි සත්වයාත්' පෙරුම් පුරපුර හිටියට, එයාටත් තියෙන්නේ සීමිත ආයුෂක් නේ?? එයාගේ ආයුෂ ඉවරවෙච්ච ගමන් එයත් මැරෙණවා!!! එයත් එතනින් ඉවරයි!!! !!! !!! හැබැයි එයා මැරෙන්නෙත් අවිද්‍යාවෙන්ම මිසක්, 'මේ වෙන්නේ මොකද්ද?' කියල දැනගෙන නෙවෙයි නේ?? ඉතීන්... එයා මැරෙණකොටම තවත් සත්වයෙක් උපදිනවා!!! ආයිත් කලින් වතාවේ වගේමයි... උපදින 'තුන්වෙනි සත්වයාත්' රැවටිලා / 'සක්ඛාය දිට්ඨියට අහුවෙලා' පෙරුම් පුරන්න තියාගන්නවා!!! වටේපිටේ ඉන්න අයත් කලින් වගේම, "ආ... මේ අර බෝධිසත්වයා නේ!!" කියල රැවටෙනවා!!! හරිය??? හැබැයි මේ කතාන්දරය දිගින් දිගට යද්දී, හැදෙන හැදෙන සත්වයෝ අකුසලයෙන් වැලකෙමින් කුසලයේම යෙදෙන නිසා, ඉස්සරහට යන්න යන්න සිද්ධවෙන්නේ සිටිනවාට වඩා පිණින් වැඩි / පවින් අඩු සත්වයින් සකස්වීම / ඉපදීම තමයි!!! !!! !!! නිකම්, බැලුමක් පුම්බනවා / tyre එකකට හුළං ගහනවා වගේ, 'සත්වයන්ට පින් පුරවන' මේ කතාන්දරය අවසාන වෙන්නේ සත්වයෝ කෝටි ප්‍රකෝටි ගණනක් හැදිලා... අර කලින් කියපු කාලසීමාවල් සම්පූර්ණ වෙලා... පින් උතුරන, දෙතිස් මහාපුරුෂ ලක්ෂණ ඇති සත්වයා ඉපදිලා බුදුවුනාම තමයි!!! !!! !!! ඔන්න ඕක තමයි පෙරුම්පිරිල්ලේ ඇත්තම ඇත්ත කතාන්දරය!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මේ... මෙන්න මේ පෙරුම්පුරන කතන්දරේදී, තව මරු ආතල් 'joke case' එකකුත් සිද්ධ වෙනවා!!! දැන් ඔය වැඩපිළිවෙල officially, ඒ කියන්නේ නියමාකාරයෙන් පටන් ගන්නේ ජීවමාන බුදුරජාණන්වහන්සේ නමකගෙන් නියත විවරණ ලබාගෙනයි!!! !!! !!! ඒ මොකවත් නැති නිකම්ම නිකම් 'බයියෙක්' අපි හිතමු, 'භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ පෙරුම්පුරල පුරලා බුදුවුනා!!' කියල අහපු ගොං සංඝයෙකුත්, "මාත් පෙරුම්පුරලා බුදුවෙන්න ඕනේ!!" කියල පෙරුම්පුරන්න තියාගත්තොත් මක්ක වෙයිද??? වෙන මොකුත් වෙන්නේ නෑ... 'පුක්ක නෙති වෙනවා!!' එච්චරයි!!! !!! !!! ඇයි ඉතින්, "මැරෙණ මැරෙණ එවුන් උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝකවලයි!!" කියල බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියල තියනවා නේ?? මතක නැද්ද??? මං තෝරලා දුන්නනේ ඒ 'සීන්කෝන්' එකත් පැහැදිලිවම!!! මුළු ජීවිත කාලෙම සිල්රැක රැක හිටියත්... පින්කර කර හිටියත්... මහණවෙලා හිටියත්... වැඩක් නෑ!!! !!! !!! අඩුම ගණනේ සෝතාපන්න වුනේවත් නැත්නම්, කතාකරලා වැඩකුත් නෑ!!! !!! !!! (04/09/2012 post එක). මෙච්චරට අනතුරුදායක සංසාර පැවැත්මේදී, ජීවමාන බුදුරජාණන්වහන්සේ නමකගෙන් නියත විවරණ ලැබූ බෝධිසත්වයානන්වහන්සේ නමකගේ පාරමිතා සම්පූර්ණ කිරීමේ වැඩපිළිවෙල පමණක් සාර්ථක වෙන්නේ, ඒ බුදුරජාණන්වහන්සේගෙන් ලැබෙන නියත විවරණයත්... සක්ඛාය දිට්ඨියෙන් රැවටිච්ච සත්වයා නිසා වටපිටාවේ ඉන්නා අය රැවටීමත්... කියන කරුණු දෙක නිසයි!!! !!! !!!

දැන් බලන්න සුමේධ තාපසතුමා දීපංකර බුදුරජාණන්වහන්සේගෙන් නියත විවරණ ලබූ අවස්ථාව. සුමේධ තාපසතුමා ඒ ජීවිතයේදීත් මහා පින් බලයක් තිබුණු... ප්‍රඥාවන්ත... පරහිතකාමී / පරාර්ථකාමී... උතුම් මනුෂ්‍යයෙක්!!! !!! !!! අර... තමන්ගේ මෑණියන්ව කර උඩ තියාගෙන පීනලා, ඒ මෑණියන්ගෙන් "පුතේ උඹ බුදුවෙයන්!!" කියල විවරණ ලබාගෙන, ඒ වෙනකම් පැවතගෙන ආව චරිතයක්!!! !!! !!! (ඒ වෙලා තියෙන seen එකත් දැන් ඔයාලට තේරෙණවා ඇති නේ??) නිකමට හරි, දීපංකර බුදුරජාණන්වහන්සේගෙන් ශ්‍රී සද්ධර්මය ඇහුවානම් අනිවාර්යයෙන්ම අරහත්වයට පත්වෙලා ඒ ජීවිතයෙන්ම පිරිණිවන්පාන තරම් හොඳ ප්‍රඥාවන්ත කෙනෙක්!!! !!! !!! 'තමුන් වගේ පරහිතකාමී... පරාර්ථකාමී... පුද්ගලයෙක් තනිවම සංසාර දුකෙන් නිදහස් වීම සුදුසු නෑ... ලෝකයේ බුදුකෙනෙකුන් නැති කාලෙක බුද්ධත්වයට පත්වෙලා, තව බොහෝ පිරිසක් සංසාර දුකින් නිදහස් කරගෙනම නිදහස් වෙන්න ඕනේ!!' කියලා, මහා කැප කිරීමක් කල උත්තම මනුෂ්‍ය රත්නයක්!!! !!! !!! ඔය සේරටමත් වඩා, දීපංකර බුදුරජාණන්වහන්සේ, තමන්ට ඒ වෙනකොට තිබෙන පින් බලය... තමන්ගේ චරිතය... තමන්ට ඒ අවශ්‍ය ඉලක්කය සම්පූර්ණ කරගන්නට ඇති හැකියාව... සේරම බුදු නුවණින් විමසලා බලලා, 'අහවල් කාලේ අහවල් නමින් බුද්ධත්වයට පත්වෙනවා!!' කියල නියත විවරණයක් දුන් කෙනෙක්!!! !!! !!! (හරියන්නේ නැති වැඩකට අතගහන්න හැදුව නම්, දීපංකර බුදුරජාණන්වහන්සේ නියත විවරණ දේවිය??) ඔන්න ඔය සේරම, වටපිටාවේ ඉන්න උදවියත් දන්නවා / දැනගන්නවා!!! !!! !!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.